සේකර, මඩවල, බංඩාරකේ, ධර්මසිරි, සුනිල්, අජන්තා, ප්‍රේමකීර්ති, ලූෂන්, රත්නශ්‍රී ආදී විශිෂ්ටයන්ගෙන් පසු මා දුටු කුසලතා පූර්ණ ගීත රචකයකු ලෙස රවි සිරිවර්දන හැදින්විය හැකිය. කරුනාරත්න විජේවර්ධන ගේ කන්කලු සංගීතයෙන්ද නෙලූ අදිකාරී ගේ හා දයාන් විතාරණගේ බාව පූර්ණ ගායනයෙන්ද ඔපවත් වූ මේ ගීතය වෙනස් රස මානයකට අප කැන්දා ගෙනයයි. මේ සදහා නිර්මානය කල මනරම් වීඩියෝවක් මීට ටික කලකට පෙර ජාතික රූපවාහිනියෙන් දුටු නමුත් මැත කාලයේ එය ප්‍රචාරය වූයේ නැත.
"වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවා නම්
මගේ උයනේ නිකලැල්
පීදිලා එනු සැම කල්"
අනන්ත වාරයක් මිනිස් ජීවිත වල සිදුවී ඇති පරිදිම ආදරයේ ප්‍රමෝදය උදා කර ගත හැක්කේ තමා අසීමිතව පෙම් කරනා මෙම යුවතිය තමාගේ කර ගැනීමෙන් පමණක් බව ඔහු අදහයි.
"මම දුරින් සුපිපෙන්නම්
ඔබට ලංවෙනු තහනම්
අනුන් සතු උයනේ මම්
පීදිලා ලත වෙන්නම්"
සමාජ සම්මතයන්ට එරෙහි වී ගොස් තහනම් ආදරයක පැටලීමට මට නොහැකියි. ඒ නිසා මුලු හදින්ම ඔබට කැමති උනත් ඔබේ ආදරය දැන් මට තහනම්. දෙෙවයට ඉඩදී නන්නාදුනන කෙනෙකුගේ අත ගෙන සදාකාලිකව විදවමි ඇය පවසයි.
"නෙලනු බැරි මල් ඇයි මේ සොදුරු
සිතකට නැති මල් ඇයි මට නුදුරු
පැතු මලේ රුසිරූ
මන්ද මට පස මිතුරු"
මිනිස් සිතේ ගති ස්වබාවය අනුව වඩාත් ලස්සන අප ලැබූ දේට වඩා ලබා ගන්නට බැරි වූ දේය. මගේ හිත සොරාගත් ඇය මගෙන් දුරස් වෙන කොට මම පතන්නෙ නැති අය මට ලංවෙන්න හදන්නෙ ඇයි. අපේක්ෂා බංගත්වයට පත්වන ඔහු ප්‍රශ්න කරයි.
"මලක් වී පැතු බඹරෙකු නොලැබු
පිපෙන්නට විය දෑතක නුහුරු
ආදරේ සොදුරූ
මට නොවෙද පස මිතුරු"
කිසි දිනක සැබෑ නොවන මගේ සිහිනයේ මම ප්‍රාර්ථනා කරපු කෙනා වෙනුවට නොදන්න කෙනෙකුගෙ අත අරන් විදවන්න වෙලා තියෙන්නෙ මටයි. මගේ අනාගත ජීවිතය කොහොම ගෙවන්න වේවිද කියල දෙවියො තමයි දන්නෙ? සුන්දර ආදරයට දොර කවුලු වසන්න වෙලා, දෙෙවය හැම අතින්ම නපුරු වෙලා තියෙන්නෙ මට නෙවෙයිද යනුවෙන් ඇය ප්‍රශ්න කරයි.
"නෙලු මලක් වුව මල් ලොව කවුරූ
දුරින් හිද මම නරබමි රුසිරු
නොවෙන් මට නපුරූ
කදුල මගෙ ලග මිතුරු."
සිතුවිලි කැලඹුනද නික්ම ගිය ඇය නවතාලන්නට හෝ අයිති කර ගැනීමට ඔහුට හැකියාවක් නැත. එක්ව යා නොහැකි නම් වෙන්ව යාමට ඉඩදීම නැමති අසීරු සංයමයෙහි ඔහු පිහිටා ඇත. මා අතැර ගිය ඔබ තවකෙකු හා එක්වී මගේ හදවතින් හා පේනමානයෙන් ඈතට ගියත් දුරින් සිට මා ඔබ හා රැදෙන්නම්. එවිට ඔබගේ වියෝගයෙන් ගලනා කදුලු සාගරය සදාකාලික මිතුරෙක් වෙලා මගේ ලග ඉදීවි.
"සිත පුරා ඇවිදින ඔබෙ පිලිරු
අහිමි දුක වලකමි කොයි අයුරු
දුරින් හිද නොදුරූ
නිවනු මැන ගිනි පුපුරු"
අයිතියක් කිව නොහැකි වුවත් තමන්ගෙන් දුරස් වන ආදරයට කාන්තාවන් හැමවිටම ලෝබ කරයි , එය නැවත්වීමේ හෝ ලග තබා ගැනීමේ දැඩි උවමනාවෙන් පෙලෙයි. දක්ෂ මූර්ති ශිල්පියෙකු ප්‍රතිමාවක් නෙලන්නෙ සැම විටම පරිපූර්ණත්වය අභිබවා යන ආකාරයටයි. එවැනි විසල් පිලිරුවක් බදු වූ ඔහුගේ රුව ඇයගේ චිත්ත සන්තානයේ සැරිසරයි. සමහරවිට ඔහු සමග අත් පටලා ගෙන මුහුදු වෙරලේ, ගං තෙරේ, මල් උයන් වල සැන්දෑවේ කෙලිදෙලෙන් ඇවිද ගිය හැටි ඇයට මතක් වෙනවා ඇති. ඇගේ උඩු සිත අසම්මත සබදතාවයකට එරෙහි උවද යටි සිත ඔහුගේ උනුසුම් සමාගමය අපේක්ෂා කරයි. එම නිසා නොපෙනී නොගොස් දුරින් හිද අහිමි වීමේ දුක් ගින්දර නිවන ලෙස ඇය ආයාචනා කරයි. එය ආදරයද නැතහොත් ආත්මාර්ථකාමයද?